
” The Secret ” යනුවෙන් Rhonda Byrne විසින් ලියන ලද විශ්ව ආකර්ශන නීතිය රැගත් ලෝ පතල කෘතිය ගැනයි මේ සටහන.ඔබ මෙතෙක් සිතුවාද සාර්ථකත්වය යනු ඔබට ඉතාමත් පහසුවෙන් ආකර්ශනය කරගත හැකි දෙයක් වන බව.මෙම කෘතියට අනුව නම් සාර්ථකත්වය යනු එසේ ආකර්ශන කරගැනීමට හැකි දෙයක්.
යම් සිතිවිල්ලක් සිතන අපිට එය ආකර්ශනය කරගැනීමේ හැකියාව පවතියි.ඕනිම සිතිවිල්ලක් සතුව මෙම ගුණය ගැබ්ව ඇත.එමෙන්ම ඊට අදාළ සංඛ්‍යාතයක් ද වෙයි.යම් සිතිවිල්ලක් විශ්වයට මුදාලන ඔබ ඉන්පසුව ඊට අදාළ සංඛ්‍යාතය අත්පත්කර ගනියි.ඔබ හිතන ආකාරය අනුව ඔබේ ඉදිරි අනාගතය නිර්මාණය වන්නේ ඔබේ අරමුණු සහ සිතිවිලි විශ්වය මඟින් ආකර්ශනය කරගැනීමෙන්.
රහස සරලවම :සැබවින්ම මෙය ස්වභාව ධර්මයේ නීතියයි.ඔබේ සිතිවිලි දිගින් දිගටම නොතිබෙන්නේ නම් එය ඔබව ආකර්ශනය නොකර ගනියි.ඔබේ සිතිවිලිවලට සංඛ්‍යාතයක් ඇති නිසාවෙන් මෙහිදී ඔබේ හැඟීම් වඩාත් වැදගත්.ඔබට ඇත්තේ හොඳ සිතිවිලි නම් ධනාත්මක සිතිවිලි නම් ඔබව ඊට ආකර්ශනය වේ.එමෙන්ම ඔබ තුළ ඇත්තේ නරක සෘණාත්මක සිතිවිලි නම් ඊටත් ඔබ ආකර්ශනය වේ.මේ නම් විශ්ව ආකර්ශන නීතියයි.
ඔබ තුළ ඇති සෘණාත්මක සිතිවිලි දුරස් කිරීමට ඔබ අහන ගීත,සතුටුදායක මතක,පරිසරය උදව් වේ.එමෙන්ම ලෝකයේ ඇති ලොකුම ආකර්ශනීය සිතිවිල්ල වන ආදරයට නිරායාසයෙන්ම ඔබව ඉතාමත් ධනාත්මක ලෙස ආකර්ශනය කළ හැකියි.ඔබ ආදරය කරන්න කරන්න සහ ඔබ ආදරය ලබන්න ලබන්න සාර්ථකත්වය ආකර්ශනය කරගැනීමේ හැකියාව ඔබ සතුයි.
රහස භාවිතා කිරීම :ඔබට අවශ්‍ය සියල්ලම ඉටුකර දෙන මෙම රහස පියවර 03කින් ක්‍රියාත්මක වෙයි.එනම්1) ඔබට අවශ්‍ය දේ විශ්වයට කියන්න 2) ඔබ ඒ දේ විශ්වාස කරන්න3) දැන් ඔබ එය ලබාගන්න
ඔබේ අවශ්‍යතාවය පැහැදිලිවම විශ්වයට කියන්න.නැත්නම් ඔබ එය හොඳින් සිහිපත් කරන්න.ඉන් පසුව එය ඔබට ලැබෙන බව විශ්වාස කරන්න.එය ලැබුණු බවට ඔබ තුළින් නිකුත් වන සංඛ්‍යාතය නිසාවෙන් ඊට ළඟා වීමට ඔබට හමුවිය යුතු පුද්ගලයින් යනාදිය විශ්වය ඔබට මුණගස්වයි.තෙවනුව ඔබ එය ඉටු වුවා යැයි සිතන්න.සැබවින්ම වඩාත් වැදගත් වන්නේ ඔබේ සිතිවිලිය.ඉතාමත් කුඩා සරල දේවල් උදෙසා ඔබත් මෙය ක්‍රියාත්මක කර බලන්න.සැබවින්ම ඔබ ආකර්ශනය වේවි.
බලවත් ක්‍රියාවලි :බලාපොරොත්තු වීම බලවත්ම ආකර්ශන නීතියකි.එමෙන්ම ස්තූතිවන්ත වීම යනු ඔබේ ශක්තිය බලවත් කිරීමේ රහසයි.මෙතෙක් ඔබට ලැබුණු සහ දැන් ඔබ සතුව ඇති සියල්ලට ඔබ ස්තූතිවන්ත වන්න.එය ඔබව තව තවත් බලාපොරොත්තු කෙරෙහි ආකර්ශනය කරාවි.යමක් ඔබට ලැබුණු බවට සංඛ්‍යාතයක් විශ්වයට මුදාලන්න.ඔබ ඔබේ සිතිවිලිවලට පණ දෙමින් ඔබ ලබාගත් දෙය ගැන සිහිකරන්න.ඒ මොහොත ඔබ හදවතින්ම විඳගන්න.ඒ පිළිබඳව රූප මවන්න.අනිවාර්යයෙන්ම එය සත්‍යයක් බවට නිර්මාණය වේ.
මුදල් සඳහා වන රහස :මෙහිදීත් වැදගත්ම දේ වන්නේ ඔබේ සිතිවිලියි.මුදල් නැති බව නොසිතන්න.ඔබ පොහොසතෙක් බව සිහිකරන්න.සිතීමේ ශක්තියෙන් ඔබට ගොඩක් මුදල් ඇති බව සිතන්න.එසේ මුදල් ඇති අයෙක් ලෙස සිතින් ක්‍රියාත්මක වන්න.ඕනිම දෙයක් ගැනීමේ හැකියාව ඔබ සතු බව සිතන්න.එමෙන්ම ඔබ මුදල් පරිත්‍යාග කරන්න.පරිත්‍යාග කිරීමට තරම් ඔබට මුදල් ඇති බව සිතන්න.සිතින් ඔබ පොහොසත් වන්න.නිරායාසයෙන්ම මුදල් ඔබට ආකර්ශනය වේ.
බැඳීම් සඳහා රහස :පළමුව ඔබ ඔබව හදාගන්න.ඔබ ඔබට ආදරය කරන්න.ඔබට ගෞරව කරන්න.ඔබ ඔබ ගැන සිතන්න.එවිට නිරායාසයෙන්ම ඔබ අන් අයටත් අන් අයව ඔබටත් ආකර්ශනය වේ.ඔබ ඔබේ සහකරු හෝ සහකාරියගේ වැරදිම නොසොයා ඔවුන්ගේ හොඳ පමණක් දකින්න.සිහි කරන්න.අගය කරන්න.
සෞඛ්‍ය සඳහා රහස :අසනීපයක් වූ සැනින් කුමක් හෝ බෙහෙත් පෙත්තක් බී අසනීපය සුව වූවා යැයි හිතෙන තරමට අපේ මනස සැකසී අවසන්.එසේ නම් එය එතරම් සුබ නොවන නිසාවෙන් ඔබ සෞඛ්‍යමත් අයෙක් බව නිතර සිහි කරන්න.ඔබට ඇති රෝග අන් අයට නොකියන්න.මන්ද ඔවුන් එම රෝගයේ ධනාත්මක පැති කතා කිරීම ඔබව සෘණාත්මක කිරීමට හේතු වන හෙයිනි.නිතර ඔබ සිනහ වන්න.සතුට යනු ඔබට ඇති උතුම්ම ධනයයි.එය ඔබව නිරෝගිමත් අයෙක් කරාවි.
ලෝකය සඳහා රහස :ඔබ යමකට විරුද්ධ වන්නේ නම් ඊට ඔබ ආකර්ශනය වේ.සෘණාත්මක දේවල්ම හිතන ඔබට කිසිවක් කළ නොහැකියි.ඔබ සෘණාත්මක වන්න වන්න ඊට ඔබව ආකර්ශනීය වේ.ඔබ සිනහව,සතුට,ආදරය,එකමුතුකම අගයන්න.හොඳ දේවල් අන් අයට මෙන්ම ඔබට ද ලැබෙන බව විශ්වාස කරන්න.ආදරය පතුරවන අයෙක් වීමට උත්සාහ ගන්න.
ඔබ සඳහා රහස :ලෝකයේ ඇත්තේ ශක්තීන් එකතුවක්.ඔබ එම ශක්තීන් ආකර්ශනය කරන චුම්භකයක්.එසේ නම් සියල්ලම ඔබට ආකර්ශනය කරගත හැකියි.දැනුම,සොයාගැනීම් පිරුණු මේ ලෝකය මානවයාගේ හැකිකම් වෙනුවෙන් සැදුම්ලත් එකක්.එසේ නම් අතීත බාධක,සමාජ මිත්‍යා,විශ්වාස අතාරිමින් ඔබ ඔබව විශ්වාස කරන්න.ඔබේ එකම නිර්මාණකරුවා බවට ඔබම පත්වන්න.
ජීවිතය සඳහා රහස :ආදරය කරන්න.යහපත් චේතනාවන් සිතන්න.ඔබේ සතුට අගය කරන්න.මේ හොඳම කාලය බව අවබෝධ කරගන්න.ඔබ ආදරේ කරන දෙය කිරීමට මැළි නොවන්න.සතුටට අදාළ සංඛ්‍යාතය විශ්වයට මුදාලමින් සිතිවිලිවලින් ඔබ ශක්තිවන්තයෙක් වන්න.
දැන් මෙම කෘතිය අපිට කියන රහස ගැන ඔබ දැනුවත්.ඔබේ තෝරාගැනීම් ඔබ සතුයි.එහි තීරණ සහ හැකියාවන් ඇත්තේ ඔබ තුළ.ඇත්තටම ඔබේ ජීවිතය ඇත්තේ ඔබ අතේමයි.මෙම රහස් පිළිපදින ඔබට ඔබේ සාර්ථකත්වය නම් රහසක් නොකර ලෝකයට පෙන්වීමේ හැකියාව ලැබේවි.
An Award-winning Website
for the Best SEO campaign of 2020,
SLIM DIGIS 2.0 Awards
Striving towards making Sri Lanka a better place to shop with great savings
